At the International Conference on Gender Disparities '23 (ICGD) organized by Centre for Gender Studies, University of Kelaniya
Monday, October 30, 2023
A conceptual framework for assessing social resilience in fisheries sector- Applying gender lenses
Tuesday, December 13, 2022
ප්‍රභූත්වය පිළිබඳ සංකල්පය දේශපාලන සමාජවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් හඳුනා ගනිමු
දේශපාලන සමාජවිද්‍යාවේ ප්‍රභූත්වය පිළිබඳ සංකල්පය
දේශපාලන සමාජවිද්‍යාවේ අවධානය යොමු වන තවත් පැතිකඩක් වන්නේ ප්‍රභූත්වය
පිළිබඳ සංකල්පයයි. සෑම සමාජයකම පාහේ සමාජ, ආර්ථික, දේශපාලනික සහ ආගමික සන්දර්භය තුළ ප්‍රභූත්ව
සංකල්පයට වැදගත් ස්ථානයක් හිමිවන බව පෙන්වාදිය හැකිය.එබැවින් ප්‍රභූත්වය
සම්බන්ධයෙන් විවිධ අදහස් සහ නිර්වචන ඉදිරිපත් වී ඇති අතර විවිධ මට්ටම්වලින් එය ක්‍රියාත්මක
වේ. ප්‍රභූ ජනතාව කිසියම් සමාජයක වැදගත්ම ස්තරය යැයි පැවසිය නොහැකිය. නමුත් සමාජ
ව්‍යූහයේ සහ සංවිධානයේ ප්‍රධාන ස්ථානයක් හිමිකරගන්නා පිරිසක් වශයෙන් හඳුනාගත
හැකිය.
ප්‍රභූ ජනයා යනු කිසියම් සමාජයක සෙසු පිරිසකට
අහිමි සුපිරි අයිතිවාසිකම් සහිත සමාජ නායකත්වය හොබවන්නා වූ සියලු නිලතල සහ බලතල
හසුරුවන්නා වූ සුළුතර සමාජ නිර්මිතයකි (රොබට්ස්, 2007). මේ අතරින් දේශපාලන ප්‍රභූන් සමාජ පැවැත්ම තහවුරු කිරීම සඳහා වැදගත්
භූමිකාවක් ඉටුකරන පිරිසක් වශයෙන් හඳුනාගත හැකිය. දේශපාලන ප්‍රභූන් යනු රාජ්‍ය
පාලනයේ සාමාජිකයන්,යුධමය නායකයන් සහ ඇතැම් අවස්ථාවලදී රදළ
පංතියේ හෝ රාජකීය නිල නිවසේ නායකයන් හෝ බලවත් ආර්ථික නායකයන්ය (Zuckerman,
1977).
සමස්තයක් වශයෙන් සළකා බැලීමේදී ප්‍රභූවරයෙකු
යනුවෙන් හැඳින්විය හැක්කේ කවර ලක්ෂණ සහ ක්‍රියාකාරකම්වලින් සමන්විත තැනැත්තෙක්ද
යන්න විමසා බැලිය හැකිය. ධනය නොහොත් තක්සේරුගත දේපළ හා සේවාවන්ට සැළකිය යුතු ප්‍රමාණයක
අයිතියක් තිබිය යුතුවීම, දේශපාලන බලය මෙහෙයවීමේ සහ දේශපාලනයට ප්‍රවේශවීමේ
හැකියාව තිබීම, සැළකිය යුතු ආධිපත්‍යයක් පැතිරවිය හැකි
සමාජ වටිනාකමකින් යුක්ත උසස් නිලතල දරන්නෙකු වීම, සමාජයේ සෙස්සන් ඇබ්බැහිවිය හැකි සහ සෙස්සන්ගේ සුවිශේෂී සැළකීම්වලට
ලක්වන ආකාරයේ විශිෂ්ට ජීවන රටාවකින් යුක්ත පරිභෝජන මෝස්තරයක් තිබිය යුතුවීම,
කුලවත්කම අනුව හෝ වෙනත් මිම්මක් අනුව හෝ
පිළිගන්නා උසස් සමාජ තත්ත්වයක් තිබිය යුතුවීම, මෙම සුවිශේෂී ලක්ෂණ අන්තර් ඥාති සම්බන්ධතා අතරද තිබිය යුතු වීම යන
සුවිශේෂී ලක්ෂණ ගණනාවකින් සමන්විත පුද්ගලයෙකු හෝ පවුලක් ප්‍රභූ තත්ත්වයෙන් සළකනු
ලැබේ (රොබට්ස්, 2007). ප්‍රභූවරයෙකු වීමට මෙම සියලු ලක්ෂණවලින්
සමන්විත වියයුතු නැත. පුද්ගලයෙකුට හෝ පවුලකට ප්‍රභූ තත්ත්වයට පත්වීමට ඉහත සඳහන් කළ
ලක්ෂණවලින් කීපයක් පැවතීම තුළින් ආධිපත්‍යය තහවුරු කරගැනීමට හැකිවේ.
ප්‍රභූත්වය පිළිබඳ සංකල්පය හඳුනාගැනීමේදී ඒ
සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති විවිධ නිර්වචන සහ අදහස්විමසා බැලීම වැදගත් වේ. ඉතාලි
ජාතික සමාජ න්‍යායාචාර්යවරයෙකු වූ Vilfredo Pareto විසින් The Rise and Fall of
Elites යන කෘතිය හරහා ප්‍රභූත්වය සංසරණය
පිළිබඳ න්‍යාය ඉදිරිපත් කරයි. එහිදී ප්‍රභූන් යනුවෙන් නිර්වචනය කරන්නේ “පැහැදිලිව
කැපී පෙනෙන බුද්ධිමත් බවින් චරිතයෙන් හැකියාවෙන් සහ ඕනෑම අකාරයේ ධාරිතාවයකින්
යුක්ත සමාජයේ සිටින ජනතාවක්” යනුවෙනි. එම න්‍යායෙහි සඳහන් කරන ආකාරයට ප්‍රභූන්
කලින් කලට වෙනස් වේ. එක් කාලයක ප්‍රභූවරයෙකු වශයෙන් බලයේ සිටි පුද්ගලයෙකු තවත්
කාලයක බලයෙන් පහතට වැටී සිය ප්‍රභූත්වය අහිමිවීමට පුළුවන (Pareto, 1991)' Pareto විසින් සමාජයේ සිටින ප්‍රභූන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් හඳුනාගනු
ලබයි. එනම් පාලන ප්‍රභූන් (Governing
Elite) සහ පාලනයට සම්බන්ධ නොවන ප්‍රභූන් (Non-governing
Elite) වශයෙනි.පාලනයට සම්බන්ධ නොවන ප්‍රභූන්
සාමාන්‍ය ජනතාව වශයෙන් සළකයි. ප්‍රභූන්ට ඔවුන්ගේ ඉහළහැකියාවන් විවිධාකාරයෙන්
පැවතිය හැකිය. ඒ අනුව සාම්ප්‍රදායික ප්‍රභූන්, දේශපාලන ප්‍රභූන් සහ බුද්ධිමත් ප්‍රභූන් යනාදීන් සෙසු පුද්ගලයන්ට වඩා
ඉහළ සමාජ තත්ත්වයක් ලබාගනියි. ප්‍රභූත්වය කලින් කලට සංසරණය වුවද ප්‍රභූන් සමාජය
වෙනස් කිරීමට ක්‍රියාකරන බැවින් ප්‍රභූ පංතිය සමාජයට අවශ්‍ය වන බවද සඳහන් කර තිබේ.
Gaetano
Mosca විසින් ප්‍රභූන් පිළිබඳ විග්‍රහයේදී ඔවුන්ගේ පෞද්ගලික ගතිලක්ෂණ කෙරෙහි වැඩි
අවධානයක් යොමුකර තිබේ. එම සුවිශේෂී ගුණාංග හරහා සමාජයට යම් සේවාවක් කරනු ලබයි. ප්‍රභූත්වය
හඳුනාගැනීමේදී ඔහුගේ The Ruling Class නම් කෘතිය ඉතා වැදගත් වන අතර එහිදී පාලක පංතිය යනු බහුතරයට ඉහළින්
බලයේ සිටින සංවිධානාත්මක සුළුතරය වන බව දක්වා තිබේ (Zuckerman, 1977). එයින් අදහස් කරන්නේ සංවිධානාත්මක නොවන පිරිස
සාමාන්‍ය ජනතාව බවයි. දේශපාලන ප්‍රභූන්, සමාජ ප්‍රභූන්, රාජ්‍ය පාලනය කරන ප්‍රභූන්, පාලන පංතිය වශයෙන් ප්‍රභූන් වර්ග කීපයක් සිටින
බැවින් එකම කාණ්ඩයකට අන්තර්ගත කිරීමට නොහැකි බවද සඳහන් කර ඇත.
International
Social Science Bulletin හි ප්‍රභූත්වය පිළිබඳ Nadel ගේ ලිපි විමර්ශනය කිරීමේදී පැහැදිලි වන්නේ ප්‍රභූත්වය
සම්පූර්ණයෙන්ම පදනම් වී ඇත්තේ සමාජයේ උසස් තත්ත්වය සහ පහත් තත්ත්වය මත බවයි (UNESCO,
1956). ඒ අනුව ඉඩම් අයිතිය, වංශවත්භාවය, දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරිත්වය සහ බුද්ධිමත්භාවය
වැනි හේතු මතබහුවිධ ප්‍රභූන් නිර්මාණය වී ඇත.
Bottomore
ප්‍රභූන් හඳුන්වන්නේ යම්කිසි සමාජ
පංතියක සිටින විශිෂ්ටම සාමාජිකයන් වශයෙනි. එබැවින් මෙම කණ්ඩායම සුළුතරයක් වන අතර
සමකාලීන බල ව්‍යූහයේ සිටින ප්‍රභූන්ය. ඔහු සඳහන් කරන ආකාරයට ප්‍රභූන්ගේ ඇතැම් ලක්ෂණ පහසුවෙන් හඳුනාගත හැකි අතර
ඇතැම් ලක්ෂණ පහසුවෙන් හඳුනාගත නොහැකිය (Bottomore, 1964). මේ නිසා ප්‍රභූන් හඳුනාගැනීමේ ගැටලුවක් පවතී. ඔහු දක්වන ආකාරයට
දේශපාලන ප්‍රභූන් රාජ්‍ය පාලනයේ නායකයන්, යුධමය නායකයන් සහ ඇතැම් අවස්ථාවලදී රදළ පංතියේ හෝ රාජකීය නිල නිවසේ
හෝ බලවත් ආර්ථික නායකයන්ගේ දේශපාලන බලපෑම ලද පවුල්වලින් සමන්විත වේ.
මානව සමාජයේ විවිධ හේතු සාධක පදනම් කරගෙන
ස්තරායන රටාවක් නිර්මාණය වී ඇති බව හඳුනාගත හැකිය.සමාජ සංවිධානයේ නිෂ්පාදන ක්‍රමය
සහ නිෂ්පාදන සම්බන්ධතාවය අනුව පංති නිර්මාණය වීම පිළිබඳව කාල්මාක්ස් විසින්
කොමියුනිස්ට් ප්‍රකාශනයේ දක්වයි(ප්‍රගති ප්‍රකාශක මන්දිරය, 1980). කාල්මාක්ස් සමාජයේ පංති ක්‍රමය විග්‍රහ කරන
ආකාරයට ධනපති පංතිය විසින් නිර්ධන පංතිය පාලනය කරනු ලබයි. ඒ අනුව ආර්ථික අසමානතාවය
බලයේ අසමානතාවයට සහ ගරුත්වයේ අසමානතාවයට බලපාන බවද හඳුනාගත හැකිය. පංති ස්තරායනය සහිත සමාජයක වුවද ප්‍රභූ ජනයා සෙසු
පිරිසට අහිමි අයිතිවාසිකම් සහ වරප්‍රසාද ලබමින් ඉහළ ස්තරය නියෝජනය කරන බව පැහැදිලි
වේ.
The
Power Elite යන කෘතිය තුළින් Wright
Mills ඇමෙරිකානු සමාජයේ බල ව්‍යූහයේ ප්‍රධාන
තනතුරුවල ස්ථානගතව සිටිනු ලැබූ පුද්ගලයන් බල ප්‍රබුද්ධයන් වශයෙන් හඳුනා ගනිමින් ප්‍රභූන්
පිළිබඳ සංකල්පය සාකච්ඡා කර ඇත. එහිදී ප්‍රබුද්ධයන් වශයෙන් හඳුනාගෙන ඇත්තේ ප්‍රධාන
මට්ටමේ දේශපාලඥයන්, ප්‍රධාන සමාගම්වල අධ්‍යක්ෂකවරුන්,
ඉහළ මට්ටමේ සිවිල් නිලධාරීන් හමුදාවල ඉහළ
මට්ටමේ නිලධාරීන් වැනි සමාජයේ ඉහළ ස්තරය නියෝජනය කළ ප්‍රභූන්ය. Mills දක්වන ආකාරයට ප්‍රභූන් යනු “බොහෝ විට මුදල්,
බලය සහ ගරුත්වය ඇති, ඒ නිසාම අන් අය එරෙහි වුවත් තමන්ගේම කැමැත්ත තමන්ට සකසා ගත හැකි,
තමන්ගේ තත්ත්වය මඟින් සාමාන්‍ය මිනිසුන්ගේ
සාමාන්‍ය පරිසරයත් ඉක්මවා යා හැකි ප්‍රතිඵලයක් ඇති කළ හැකි තීරණගැනීමේ හැකියාවෙන්
යුක්ත පුද්ගලයන්ය” යනුවෙනි (හඳරාගම, 2013). ඔහු සඳහන් කරන ආකාරයට බලකාමී ප්‍රභූ පංතියක්
දක්නට ඇති අතර එම බලකාමී ප්‍රභූන් නූතන සමාජයේ ඉහළ ස්තරය නියෝජනය කරයි (Mills,
1956). ඒ අනුව බලකාමී ප්‍රභූන් සමූපකාර ප්‍රභූන්,
දේශපාලන ප්‍රභූන් සහ යුධකාමී ප්‍රභූන් යනුවෙන්
ප්‍රධාන වර්ග තුනක් හඳුනාගත හැකිය. මෙම ප්‍රභූ පිරිස එකට අත්වැල් බැඳගෙන කටයුතු
කරන අතර දේශපාලන, ආර්ථිකය හැසිරවීමේදී මොවුන්ගේ තීරණ වඩා
වැදගත් වේ.
නූතන කාර්මික සමාජ ක්‍රමය තුළප්‍රධාන ප්‍රභූ
කණ්ඩායම් ගණනාවක් හඳුනාගත හැකි බවට අදහස් ඉදිරිපත් වී ඇත (Svalastoga,
1969). සමාජ පද්ධතිය තුළ අනුහස් නායකත්වය ඇති ප්‍රභූන්, බලකාමී ප්‍රභූන්, ධනවත් ප්‍රභූන්, රදළ පැළැන්තියේ ප්‍රභූන්, කලාත්මක ප්‍රභූන්, ගෞරවාන්විත ප්‍රභූන්, ශාස්ත්‍රීය
ප්‍රභූන් සහ සාමාන්‍ය ප්‍රභූන් වශයෙන් විවිධ කණ්ඩායම් සිටින බව Elite
and Social System යන පර්යේෂණ ලිපිය තුළින්ද පැහැදිලි
වේ.මේ ආකාරයට ප්‍රභූත්ව සංකල්පය විමසා බැලීමේදී ඒ පිළිබඳ විවිධ අදහස් සහ නිර්වචන
ඉදිරිපත් වී ඇති බව පැහැදිලි වේ. සෑම සමාජයකම පාහේ ප්‍රභූත්වය හරහා සමාජයේ
පුද්ගලයන් හෝ කණ්ඩායම් වශයෙන් සුළු පිරිසක් බහුතරයට වඩා ඉහළ ස්තරයේ රැඳී සිටිමින්
වැඩි වරප්‍රසාද භුක්ති විඳින බව දැකිය හැකිය.
http://thanujasociology.blogspot.com/
https://thanujasociology.blogspot.com/2022/12/blog-post.html
An analysis of gender roles in small-scale coastal fisheries in Negombo and Chilaw fisheries districts of Sri Lanka
Conference paper presented at NARA Scientific Sessions
Authors: M.T.N.Thilakarathna, H.P.D.A.Lakmali and K.H.M.L.Amaralal
Friday, September 23, 2022
Monday, January 20, 2020
Friday, December 6, 2019
Thursday, August 29, 2019
Monday, August 26, 2019
Insights of fresh water giant prawns (Macrobrachium rosenbergii) fishery in North Central Province of Sri Lanka
http://thanujasociology.blogspot.com/2019/08/insights-of-fresh-water-giant-prawns.html?m=1
Conference paper presented at NARA Scientific Sessions
Authors: V.S.Gunaratne, D.W.L.U.De.Silva, K.P.G.L.Sandaruwan and M.T.N.Thilakarathna
Sunday, August 4, 2019
Fisheries and its implications on fishing community in Deduru Oya of Sri Lanka
Authors: M.T.N.Thilakarathna, D.W.L.U.De.Silva, H.P.D.A.Lakmali and K.H.M.L.Amaralal
Thursday, May 30, 2019
ප්රජා මූලික පුනරුත්ථාපනය යනු කුමක්ද?
- ආයතන තුළ සිදු කරන පුනරුත්ථාපනය
- ප‍්‍රජාව වෙත පැමිණ ලබා දෙන පුනරුත්ථාපනය යනුවෙනි.
- වැඩපිළිවෙළ සඳහා නායකත්වය තෝරාගැනීම
- වැඩපිළිවෙළ පිළිගැනීමට සහ එයට සහභාගී වීමට තෝරාගැනීම
- ගැටලූ හඳුනා ගැනීම හා ප‍්‍රමුඛත්වය තීරණය කිරීම
- පුහුණුව හා ක‍්‍රියාත්මක කිරීම සඳහා ප‍්‍රජා මිනිස් බලය තෝරාගැනීම
- හැකිතරම් දුරට ප‍්‍රජාව තුළින්ම සම්පත් සොයාගැනීම සහ අවශ්‍ය වූ විට බාහිර සම්පත් සපයාගැනීම
- සාමාජිකයන්ට තොරතුරු සැපයීම, අවශ්‍යතා පිළිබඳ අවබෝධය වැඩි කිරීම හා ප‍්‍රජාව ක‍්‍රියාත්මක කිරීම
- වැඩපිළිවෙළ සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, ඇගයීම සහ පසුවිපරම
- යොමු කිරීමේ අවශ්‍යතාව සපුරාදීම
- උචිත මිනිස් බලය පුහුණු කිරීම
- පර්යේෂණ කිරීම
- පවුල් මත ඇති පීඩනය අවම කරගැනීමට සහ විශේෂ චිකිත්සාවන් ලබා දීමට ආයතන තුළ රැකබලා ගැනීම
- ජංගම උපදේශකවරුන් සැපයීම මඟින් ප‍්‍රජා මට්ටමට සහය ලබාදීම
https://thanujasociology.blogspot.com/2019/05/blog-post_30.html
Tuesday, May 28, 2019
සමාජ සංවර්ධනය සඳහා අත්වැලක් වන සමාජ ආරක්ෂණය හඳුනා ගනිමු
වර්තමානය වන විට සමාජ ආරක්ෂණය ගෝලීය අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. මානව සමූහයා ස්වභාවික සහ මානව ක‍්‍රියාකාරකම්වල ප‍්‍රතිඵල වශයෙන් සමාජ, ආර්ථික, දේශපාලනික සහ පාරිසරික වශයෙන් අවදානම් සහගත තත්ත්වයන්ට මුහුණපායි. මෙම අවදානම්වල කම්පනය පුද්ගලයන්ට, කුටුම්භයන්ට, ප‍්‍රජාවන්ට, ප‍්‍රදේශයන්ට, රටකට සහ රටවල් කීපයකට හෝ සමස්ත ලෝකයටම දරාගැනීමට සිදුවෙයි. සෞඛ්‍යමය වශයෙන් විවිධ හැකියාවන්ගෙන් සමන්විත වීම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වීම සහ සමාජමය වශයෙන් අපරාධ හා ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය වැනි අවදානම් තත්ත්වයන්ටද ගොදුරු වෙයි. එමෙන්ම ගෝලීය වශයෙන් සිදු වන භූමිකම්පා, ගංවතුර වැනි ස්වභාවික ව්‍යවසන, සෞඛ්‍ය උවදුරු, දේශපාලන අර්බුද, මූල්‍ය අර්බුද සහ ආර්ථික අර්බුද වැනි ආබාධ තත්ත්වයන් සමස්ත සමාජයටම ඍණාත්මක බලපෑම් ඇති කරන බව Garcia සහ Gruat විසින් පෙන්වා දී ඇත. එවැනි තත්ත්වයකදී ඍණාත්මක ප‍්‍රතිවිපාකයන්ට මුහුණ දීමේ හැකියාව පහත වැටෙන බැවින් සමාජ ආරක්ෂණයේ වැදගත්කම ඉස්මතු වේ.
ලෝක කම්කරු සංවිධානයේ සමාජ ආරක්ෂණ අංශය විසින් සමාජ ආරක්ෂණයේ මූලධර්ම සඳහන් කර තිබේ. ඒ අනුව
- ස්ත‍්‍රී පුරුෂ සමාජභාවීය වශයෙන් වෙනස්කම්වලට භාජනය නොකර සමානව සැළකීම
- සාමූහිකත්වය සහ සහයෝගීතාවය
- අන්තර්ගතය
- රාජ්‍යයේ පොදු වගකීම
- විනිවිදභාවය සහ ප‍්‍රජාතාන්ත‍්‍රික කළමනාකරණය
- භාණ්ඩ හා සේවා සපයමින් මානවයාගේ යහපැවැත්ම තහවුරු කිරීම
- අවදානම් වැළැක්වීම සහ අවාසි සහගත තත්ත්වයන්ගෙන් ආරක්ෂා කරගැනීමට උචිත ධනාත්මක උපායමාර්ග සහ ප‍්‍රතිපත්ති සම්මත කර ක‍්‍රියාත්මක කිරීම
- පුද්ගලික සහ සමාජීය විභවතා සහ අවස්ථා හිමිකර දීමට ක‍්‍රියා කිරීම
- සමාජ, ආර්ථික සුරක්ෂිතතාවය වැඩිදියුණු කිරීම
- ආරක්ෂා කිරීම (නිදසුන්: ආදායම් ප‍්‍රතිලාභ, රාජ්‍ය විශ‍්‍රාම වැටුප්)
- අවදානම් වැළැක්වීම (නිදසුන්: ඉතුරුම්, සමාජ රක්ෂණය)
- උසස් කිරීම (නිදසුන්: යෙදවුම්)
- පරිවර්තනාත්මක වීම (නිදසුන්: කම්කරු නීති)
https://thanujasociology.blogspot.com/2019/05/blog-post_28.html
Thursday, May 23, 2019
නව ලිබරල්වාදය මතුවීමට බලපෑ සමාජ, ආර්ථික සහ සංස්කෘතික සාධක පිළිබද විමසීමක්
- සුබසාධනය රාජ්‍යයේ පැන නැඟීම සහ එහි අසාර්ථකත්වය
- ලෝකයේ ධනවාදී සහ සමාජවාදී වශයෙන් බල කඳවුරු දෙකක් නිර්මාණය වීම
- අන්තර්ජාතික ආයතන පද්ධතියක් ස්ථාපිත වීම
- 1970 දශකයේ ආර්ථික අර්බුදයක් උද්ගත වීම
- සමාජවාදී රාජ්‍ය පද්ධතිය බිඳ වැටීම සහ අධිරාජ්‍ය විරෝධී ජනතා අරගල දුර්වල වීම
- ගෝලීයකරණය සමඟ නව ලිබරල්වාදය ශක්තිමත්ව ඉස්මතු වීම
https://thanujasociology.blogspot.com/2019/05/blog-post.html










