රාජ්‍ය
සුබසාධන ප‍්‍රතිපත්ති සහ වැඩසටහන් යටතේ සාකච්ඡාවට ලක්වන විෂයය ක්‍ෂේත‍්‍රයක්
වශයෙන් සමාජ ආරක්ෂණය හඳුනාගත හැකිය. සමාජ අසමානතාවය හේතුවෙන් මානව සමාජයේ ජීවත්වන
සියලූම පුද්ගලයන්ට එක හා සමාන වූ අවස්ථා හිමිවන්නේ නැත. විවිධ නිර්ණායක පදනම්
කරගෙන සමාජය තුළ යම් යම් විෂමතාවයන් විද්‍යමාන වන බව පෙන්වාදිය හැකිය. ඒ අනුව
සමාජය තුළ පවතින විෂමතා යම්තාක් දුරකට හෝ පාලනය කිරීමට හෝ තුරන් කිරීමට රාජ්‍ය, පෞද්ගලික සහ
රාජ්‍ය නොවන යනාදී වශයෙන් විවිධ යාන්ත‍්‍රණවල මැදිහත්වීමෙන් සමාජ ආරක්ෂණය ක‍්‍රියාත්මක
වේ.
සමාජ ආරක්ෂණය
යනු ඉතා පුළුල් සංකල්පයක් වන අතර එහි පවතින සංකීර්ණත්වය හේතුවෙන් එහි ගතිකත්වයක්
දක්නට පවතියි. සමාජ ආරක්ෂණය කාලයට අනුරූපව සමාජයෙන් සමාජයට වෙනස් වේ. Harvey ඇතුළු පිරිස
දක්වන ආකාරයට ”සමාජ ආරක්ෂණය
යනු ළමුන්, කාන්තාවන්, ජ්‍යෙෂ්ඨ
පුරවැසියන්, විවිධ
හැකියාවන් සහිත පුද්ගලයන්,
අවතැන්වූවන්, විරැකියාවෙන් පෙළෙන පුද්ගලයන් සහ අසනීප
තත්ත්වයන්ගෙන් පෙළෙන පිරිස් ආදී වශයෙන් සමාජයේ අනතුරට භාජනය විය හැකි සමාජ කණ්ඩායම්
ආරක්ෂා කිරීම සහ උපකාර කිරීමයි”. මේ අනුව සමාජයේ පීඩාවට ලක්වන අවාසි සහගත
කණ්ඩායම්වලට අවශ්‍ය ආරක්ෂණය ලබා දෙමින් ඔවුන් සුරක්ෂිත කිරීම වැදගත් බව
පෙන්වාදෙයි.
Devereux සහ
Sabates-
Wheeler සමාජ ආරක්ෂණය
නිර්වචනය කරන්නේ සමාජයේ අනතුරට භාජනය විය හැකි සහ ආන්තීකරණයට ලක් කරන ලද
කණ්ඩායම්වල සමාජ, ආර්ථික දරිද්‍රතාවය
අවම කිරිමේ අරමුණෙන් එසේ ආන්තීකරණය කරන ලද කණ්ඩායම්වල සමාජ තත්ත්වය සහ
අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ මූලිකත්වයෙන් ආදායම් හෝ
පරිභෝජන හැකියාවන් ශක්තිමත් කිරීම” යනුවෙනි. මෙම නිර්වචනයට අනුව ප‍්‍රජාව සමාජ
සහ ආර්ථික යන දෙඅංශයෙන්ම සංවර්ධනය කිරීම ඵලදායී වේ.
එක්සත් ජාතීන්ගේ
සංවර්ධන ක‍්‍රියාදාමයට අනුවද සමාජ ආරක්ෂණයට වැදගත් ස්ථානයක් ලබාදී ඇත.ඔවුන් සඳහන්
කරන ආකාරයට ලෝක ජනගහනයෙන් 80% ක පමණ ප‍්‍රතිශතයකට
පුළුල් සමාජ ආරක්ෂණයක් ලබාගැනීමේ හැකියාවක් නොමැත. ගෝලීය සහ ජාතික
මට්ටමෙන් දරිද්‍රතාවය සහ විහීනතාවය අවම කිරීම උදෙසා අධ්‍යාපනික, වෘත්තීය, සෞඛ්‍ය රැකවරණය, ආහාර
සුරක්ෂිතතාවය සහ ආදායම් සුරක්ෂිතතාවය යනාදී අංශ ඔස්සේ සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක
කෙරේ. ඒ අනුව සමාජ ආරක්ෂණය යනු දරිද්‍රතාවය සහ සමාජ අසමානතාවයට විරුද්ධව සටන් කරන
බලවත් උපකරණයකි. එමෙන්ම සමාජ ආරක්ෂණය මානව අයිතිවාසිකමක් මෙන්ම සමාජ සහ ආර්ථික
අවශ්‍යතාවයක්ද වේ. එක්සත් ජාතීන්ගේ පශ්චාත් 2015 සංවර්ධන න්‍යාය පත‍්‍රය
අනුව 2030 වන විට සමාජ
ආරක්ෂණය ජාතික වශයෙන් සහභාගිත්ව සංවාදයක් ඇති කරමින් සිදු කිරීමට අපේක්ෂා කරයි. මේ
තුළින් පැහැදිලි වන්නේ තිරසාර සංවර්ධන ක‍්‍රියාවලියේදී සමාජ ආරක්ෂණයට ප‍්‍රධාන
භූමිකාවක් හිමි වන බවයි.
21 වන සියවසේ සමාජ
ආරක්ෂණයේ පැවැත්ම වැදගත් සමාජ කතිකාවක් බවට පත්ව ඇත. එක් අතකින් සමාජ ආරක්ෂණය යනු
සියලූම ස්ත‍්‍රීන්ගේ සහ පුරුෂයන්ගේ සමාජ හා ආර්ථික සුරක්ෂිතතාවය සහතික කරන මානව
පැවැත්ම සඳහා වැදගත් වන අවශ්‍යතාවයකි. සමාජ ආරක්ෂණය තුළින් පුද්ගලික සහ සමාජීය
වශයෙන් ජීවිතයේ ගුණාත්මකභාවය අවධාරණය කරන අතර සමාජ ස්ථාවරත්වය, සමාජ
සාධාරණත්වය සහ ඒකාබද්ධතාවය වර්ධනය කිරීම සහ ආර්ථික ගතිකත්වය වැඩිදියුණු කරමින් ව්‍යූහාත්මක
වෙනසක් ඇති කිරීමට පහසුකම් සපයයි (Garcia,
Gruat, 2003).
වර්තමානය වන විට සමාජ ආරක්ෂණය ගෝලීය අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. මානව සමූහයා ස්වභාවික සහ මානව ක‍්‍රියාකාරකම්වල ප‍්‍රතිඵල වශයෙන් සමාජ, ආර්ථික, දේශපාලනික සහ පාරිසරික වශයෙන් අවදානම් සහගත තත්ත්වයන්ට මුහුණපායි. මෙම අවදානම්වල කම්පනය පුද්ගලයන්ට, කුටුම්භයන්ට, ප‍්‍රජාවන්ට, ප‍්‍රදේශයන්ට, රටකට සහ රටවල් කීපයකට හෝ සමස්ත ලෝකයටම දරාගැනීමට සිදුවෙයි. සෞඛ්‍යමය වශයෙන් විවිධ හැකියාවන්ගෙන් සමන්විත වීම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වීම සහ සමාජමය වශයෙන් අපරාධ හා ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය වැනි අවදානම් තත්ත්වයන්ටද ගොදුරු වෙයි. එමෙන්ම ගෝලීය වශයෙන් සිදු වන භූමිකම්පා, ගංවතුර වැනි ස්වභාවික ව්‍යවසන, සෞඛ්‍ය උවදුරු, දේශපාලන අර්බුද, මූල්‍ය අර්බුද සහ ආර්ථික අර්බුද වැනි ආබාධ තත්ත්වයන් සමස්ත සමාජයටම ඍණාත්මක බලපෑම් ඇති කරන බව Garcia සහ Gruat විසින් පෙන්වා දී ඇත. එවැනි තත්ත්වයකදී ඍණාත්මක ප‍්‍රතිවිපාකයන්ට මුහුණ දීමේ හැකියාව පහත වැටෙන බැවින් සමාජ ආරක්ෂණයේ වැදගත්කම ඉස්මතු වේ.
ලෝක කම්කරු සංවිධානයේ සමාජ ආරක්ෂණ අංශය විසින් සමාජ ආරක්ෂණයේ මූලධර්ම සඳහන් කර තිබේ. ඒ අනුව
වර්තමානය වන විට සමාජ ආරක්ෂණය ගෝලීය අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. මානව සමූහයා ස්වභාවික සහ මානව ක‍්‍රියාකාරකම්වල ප‍්‍රතිඵල වශයෙන් සමාජ, ආර්ථික, දේශපාලනික සහ පාරිසරික වශයෙන් අවදානම් සහගත තත්ත්වයන්ට මුහුණපායි. මෙම අවදානම්වල කම්පනය පුද්ගලයන්ට, කුටුම්භයන්ට, ප‍්‍රජාවන්ට, ප‍්‍රදේශයන්ට, රටකට සහ රටවල් කීපයකට හෝ සමස්ත ලෝකයටම දරාගැනීමට සිදුවෙයි. සෞඛ්‍යමය වශයෙන් විවිධ හැකියාවන්ගෙන් සමන්විත වීම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වීම සහ සමාජමය වශයෙන් අපරාධ හා ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය වැනි අවදානම් තත්ත්වයන්ටද ගොදුරු වෙයි. එමෙන්ම ගෝලීය වශයෙන් සිදු වන භූමිකම්පා, ගංවතුර වැනි ස්වභාවික ව්‍යවසන, සෞඛ්‍ය උවදුරු, දේශපාලන අර්බුද, මූල්‍ය අර්බුද සහ ආර්ථික අර්බුද වැනි ආබාධ තත්ත්වයන් සමස්ත සමාජයටම ඍණාත්මක බලපෑම් ඇති කරන බව Garcia සහ Gruat විසින් පෙන්වා දී ඇත. එවැනි තත්ත්වයකදී ඍණාත්මක ප‍්‍රතිවිපාකයන්ට මුහුණ දීමේ හැකියාව පහත වැටෙන බැවින් සමාජ ආරක්ෂණයේ වැදගත්කම ඉස්මතු වේ.
ලෝක කම්කරු සංවිධානයේ සමාජ ආරක්ෂණ අංශය විසින් සමාජ ආරක්ෂණයේ මූලධර්ම සඳහන් කර තිබේ. ඒ අනුව
- ස්ත‍්‍රී පුරුෂ සමාජභාවීය වශයෙන් වෙනස්කම්වලට භාජනය නොකර සමානව සැළකීම
- සාමූහිකත්වය සහ සහයෝගීතාවය
- අන්තර්ගතය
- රාජ්‍යයේ පොදු වගකීම
- විනිවිදභාවය සහ ප‍්‍රජාතාන්ත‍්‍රික කළමනාකරණය
යන මූලධර්ම මත ක්‍රියා කිරීමෙන් මානව සමූහයාට කාර්යක්ෂම සහ ඵලදායී සමාජ ආරක්ෂණ සේවයක් ලබාදිය හැකිය.
ලෝක කම්කරු
සංවිධානය පවසන ආකාරයට මානවයාගේ උපතේ සිට මරණය දක්වාම ජීවන චක‍්‍රයේ සෑම අවස්ථාවකම
පාහේ අනතුරට භාජනය වීමේ අවදානම් සහගතභාවය පවතින හෙයින් සමාජ ආරක්ෂණ යාන්ත‍්‍රණයක
අවශ්‍යතාවය වැදගත් බව පෙන්වාදිය හැකිය. රෝගී බව, විවිධ හැකියාවන්ගෙන්
සමන්විත බව, රැකියා අනතුරු, ප‍්‍රචණ්ඩත්වය, මත්පැන් සහ
මත්ද්‍රව්‍ය ගැටලූ, යුද්ධය වැනි
අවස්ථාවලදී සමාජයේ පීඩාවට පත්වන නිසාවෙන් ගෘහ මූලිකයාට හෝ ඔහුගේ යැපෙන්නන්ට විවිධ
අභියෝගවලට මුහුණදීමට සිදුවේ. එබැවින් වර්තමාන සහ අනාගත පැවැත්ම සඳහා සමාජ ආරක්ෂණ ක‍්‍රමවේදයක්
තිබිය යුතු බව ලෝක කම්කරු සංවිධානය පෙන්වාදෙයි.
සමාජ ආරක්ෂණ
ශිල්පී ක‍්‍රම වශයෙන් සමාජ රක්ෂණය, සේව්‍ය වගකීම්, සමාජ ආධාර, සමස්ත ලෙස ව්‍යාප්ත
වූ හෝ පොදු සේවා හා ජාතික අර්ථසාධක අරමුදල් හඳුනාගත හැකිය. 1833 ජර්මනිය
විසින් ප‍්‍රථමයෙන්ම අනිවාර්ය සමාජ සේවය හඳුන්වා දෙන ලදි. කර්මාන්ත පදනම් කරගෙන
අනතුරු රක්ෂණය ක‍්‍රියාත්මක විය. සමාජ ආරක්ෂණ යෝජනා ක‍්‍රමයේ විෂයය ක්‍ෂේත‍්‍රයට
අදාළ කාර්යයන් ඉටු කිරීමට පරිපාලන සංවිධානයක් අවශ්‍ය වන අතර එය රජයේ
දෙපාර්තමේන්තුවක් හෝ රජයේ දෙපාර්තමේන්තුවක අධීක්ෂණය යටතේ ක‍්‍රියාත්මක වන අර්ධ
ස්වාධීන ආයතනයක් විය හැකිය. සමාජ ආරක්ෂණ ප‍්‍රතිලාභ ඍජුවම සේව්‍ය වගකීමක් වන අතර
එය නීතිගත කර ඇත. ජ්‍යෙෂ්ඨ පුරවැසිභාවය හෝ පවුලේ ආදායම් උපයන්නා යම් අනතුරකට
මුහුණපෑම වැනි හේතු නිසා ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් රජය වගකිව යුතුය යන මූලධර්මය
මත සමාජ ආධාර යන සංකල්පය පදනම් වී ඇත. සර්ව හෝ පොදු සේවය සහ ජාතික අර්ථසාධක
අරමුදල් ද සමාජ සුබසාධනය යටතේ සමාජ ආරක්ෂණය සපයන ශිල්ප ක‍්‍රමයක් වශයෙන් පෙන්වාදිය
හැකිය.
ඉහත නිර්වචන
අනුව සමාජ ආරක්ෂණයේ අරමුණු කීපයක් හඳුනාගත හැකි අතර ඒවා පහත ආකාරයට පෙළගැස්විය
හැකිය.
- භාණ්ඩ හා සේවා සපයමින් මානවයාගේ යහපැවැත්ම තහවුරු කිරීම
- අවදානම් වැළැක්වීම සහ අවාසි සහගත තත්ත්වයන්ගෙන් ආරක්ෂා කරගැනීමට උචිත ධනාත්මක උපායමාර්ග සහ ප‍්‍රතිපත්ති සම්මත කර ක‍්‍රියාත්මක කිරීම
- පුද්ගලික සහ සමාජීය විභවතා සහ අවස්ථා හිමිකර දීමට ක‍්‍රියා කිරීම
- සමාජ, ආර්ථික සුරක්ෂිතතාවය වැඩිදියුණු කිරීම
මෙම අරමුණු
තුළින් ගෝලීය වශයෙන් සමාජ ආරක්ෂණය හරහා දරිද්‍රතාවය අවම කිරීම සහ තිරසාර
සංවර්ධනයක් ඇති කරගැනීම පරමාර්ථ කරගනියි.
Devereux සහ Sabates- Wheeler යන දෙදෙනා විසින් සමාජ
ආරක්ෂණ කාර්යයන් පැහැදිලි කිරීමට ඉදිරිපත් කරනු ලබන සංකල්ප රාමුව තුළ කරුණු 4ක් දක්වා ඇත.
- ආරක්ෂා කිරීම (නිදසුන්: ආදායම් ප‍්‍රතිලාභ, රාජ්‍ය විශ‍්‍රාම වැටුප්)
- අවදානම් වැළැක්වීම (නිදසුන්: ඉතුරුම්, සමාජ රක්ෂණය)
- උසස් කිරීම (නිදසුන්: යෙදවුම්)
- පරිවර්තනාත්මක වීම (නිදසුන්: කම්කරු නීති)
සමාජ ආරක්ෂණය
නීතිමය වශයෙන් සුරක්ෂිත කර ඇති ආකාරයක්ද දක්නට ඇත. 1948 විශ්ව මානව
අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය අනුව සමාජ ආරක්ෂණය ලැබීම මානව අයිතිවාසිකමක් වශයෙන්
පිළිගනියි. ආර්ථික, සමාජ හා
සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 9 වන වගන්තිය
අනුව සමාජ රක්ෂණය ඇතුළුව සමාජ ආරක්ෂණය සඳහා සෑම පුද්ගලයෙකුටම ඇති අයිතිය
පෙන්වාදෙයි. ජාත්‍යන්තර ප්‍රජාව විසින් සමාජ සංවර්ධනය සහ මානව යහපැවැත්ම කේන්ද්‍ර
කොටගෙන තිරසාර සංවර්ධනය වෙතට ගමන් කිරීමේදී විවිධ සම්මුති සහ සම්මේලන හරහා සමාජ
ආරක්ෂණයේ භූමිකාව පෙන්වාදී ඇත. ඒ අනුව එක්සත් ජාතීන්ගේ පාරිසරික හා සංවර්ධනය පිළිබඳ
සම්මුතිය (1992), ජනගහනය හා
සංවර්ධනය පිළිබඳ අන්තර්ජාතික ගිවිසුම (1994), ලෝක ආහාර සමුළුව (1996), එක්සත් ජාතීන්ගේ
වර්ගවාදයට එරෙහි සම්මුතිය (2001) සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිළිබඳ දෙවන ලෝක සමුළුව (2002) යනාදී විවිධ
ගිවිසුම් තුළින් සමාජ ආරක්ෂණයට ඇති අයිතිය පිළිගෙන ඇත.
මේ ආකාරයට
තොරතුරු විමසා බලන විට සමාජ ආරක්ෂණය වර්තමාන සමාජ සන්දර්භය තුළ අත්‍යවශ්‍ය සමාජ
වගකීමක් බවට පත්ව ඇති බව පැහැදිලිය. මේ නිසා සමාජයේ පවතින සම්පත් කරා යාමට නොහැකි
පිරිස් වෙත යම්කිසි ආරක්ෂණයක් ලබාදෙමින් සමාජ සාධාරණත්වය සහ සමාජ සංවර්ධනය සිදු
කිරීමට රාජ්‍ය, රාජ්‍ය නොවන
සංවිධාන සහ පුද්ගලික අංශයද මැදිහත් වෙයි. සමාජ ආරක්ෂණය මඟින් ප‍්‍රජාව බලාත්මක කරන
අතර වෘත්තීය මට්ටමෙන් ඔවුන්ගේ ගැටලූවලට වඩාත් ඵලදායී විසඳුම් ලබාදීමට ක‍්‍රියා
කරමින් අවසානයේ සමාජ සංවර්ධනය ගොඩ නැඟීමට කටයුතු කරන බව දැකිය හැකිය.
https://thanujasociology.blogspot.com/2019/05/blog-post_28.html
https://thanujasociology.blogspot.com/2019/05/blog-post_28.html
No comments:
Post a Comment