ප්‍රජා මූලික පුනරුත්ථාපන ක්‍රියාවලිය සහ එය සිදු කරන
අකාරය පිළිබඳව විවිධ නිර්වචන සහ අදහස් පවතී. ඒ අනුව ප්‍රජා මූලික පුනරුත්ථාපනය
යනුවෙන් සරලව අදහස් කරන්නේ සමාජ විරෝධී ක්‍රියාවකට හෝ යම් කායික හෝ මානසික
දුර්වලතාවයකට ලක්ව ඇති පුද්ගලයා ප්‍රජාවේ මූලිකත්වයෙන් එයින් සම්පූර්ණයෙන්ම හෝ
යම්තාක් දුරකට මඟ හරවාගෙන ඵලදායී වැඩපිළිවෙළකට යොමු කරගැනීමේ ක්‍රියාවලියයි.
පුනරුත්ථාපනය නිර්වචනය කරන එක්සත් ජාතීන්ගේ මූලාශ්‍ර
තොරතුරු ග්‍රන්ථය (The
United Nations Resource Book) එය මෙසේ
දක්වයි. ”පුනරුත්ථාපනය යනු සමාජයේ එකම වයස් කාණ්ඩයන්ට අයත්
පුද්ගලයන් හා සමාන ලෙස තම අයිතිවාසිකම්වලට උරුමකම් කීමටත්,
එවැනි අවස්ථාවන් උදා කර
ගැනීමටත් පුද්ගලයන් හට කායික හා භෞතික ලෙස මනෝවිද්‍යාත්මකව සහ සමාජීය ලෙස උපකාර
කිරීමේ ක්‍රියාවලියයි”. ප්‍රජාවේ සහයෝගයෙන් තොරව මෙම ක්‍රියාවලිය සාර්ථක කරගත
නොහැකි බවද දක්වයි. මේ අනුව ප්‍රජා මූලික පුනරුත්ථාපනය වැදගත් සමාජමය උපකාර
කිරීමේ ක්‍රියාවලියක් බව පැවසිය හැකිය.
ජාත්‍යන්තර කම්කරු සංවිධානය පෙන්වාදෙන ආකාරයට ”ප්‍රජා මූලික පුනරුත්ථාපනය යනු පුද්ගලයා වඩා උසස් ජීවන
මට්ටමේ ක්‍රියාකාරී අවස්ථාවන් හට පුහුණු කිරීම හෝ නැවත පුහුණු කිරීමේ අධ්‍යාපන,
සමාජීය හා වෘත්තීමය
වැඩපිළිවෙළවල් සම්බන්ධීකරණය කිරීම සහ එක්සත් කිරීම යි”.
වර්තමානය වන විට ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් ප්‍රජා
මූලික පුනරුත්ථාපනය සඳහා වැඩසටහන් සහ සේවා සපයන ආකාරයක් දක්නට ඇත. ඒ අනුව මූලික
වශයෙන් පුනරුත්ථාපනය අවශ්‍ය පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම,
පවුල සහ තමා ජීවත්වන ප්‍රජාව
සමඟ සමීප සම්බන්ධතාවයක් දක්වන අතර ඔවුන් සමාජීය වශයෙන් උපකාර කරනු ලබයි. ඊට අමතරව
වැඩසටහන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ක්ෂේත්රයට අදාළව විවිධ ආයතන
සම්බන්ධ වෙයි. සමාජ සේවා, සෞඛ්‍ය අධ්‍යාපනය, කම්කරු හා වෙනත් අංශ හා සම්බන්ධ ආයතන සහ රාජ්‍ය නොවන
සංවිධාන පුනරුත්ථාපනයට සහාය දක්වන සේවා පද්ධතියෙන් ප්රමුඛ ආයතන කීපයක් වෙයි.
සමාජීය උපකාර නොමැතිව සමාජයේ පීඩාවට පත් වූ සමාජ කණ්ඩායම්වලට හුදෙකලාව නැඟී සිටිය
නොහැකි බැවින් ආයතන මඟින් සැපයෙන සේවාවන් ප්‍රජා මූලික පුනරුත්ථාපනයේ අත්‍යවශ්‍ය
කොටසකි.
පුනරුත්ථාපනය සැපයීමේ විවිධ ආකාරයන් පිළිබඳව අවධානය යොමු
කිරීමේදී ආකාර කීපයක් හඳුනාගත හැකිය. එනම්
- ආයතන තුළ සිදු කරන පුනරුත්ථාපනය
- ප්‍රජාව වෙත පැමිණ ලබා දෙන පුනරුත්ථාපනය යනුවෙනි.
වර්තමානයේ සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල මෙම ක්රමයන්
දෙකම සිදු කරන අතර සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රජා පුනරුත්ථාපනය සඳහා ජාත්‍යන්තර
මට්ටමෙන් සහ ජාතික වශයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන වැදගත් භූමිකාවක්
ඉටු කරයි. වර්තමානයේ ආයතන මුල් කොටගත් පුනරුත්ථාපනය සඳහා විශේෂ කුසලතා ඇති
වෘත්තීයවේදීන්ගේ හිඟය ප්‍රජා මූලික පුනරුත්ථාපනය මුහුණපාන ගැටලූවක් බවට පත් ව ඇත.
එමෙන්ම මෙම සේවාවන් බොහෝ දුරට නාගරික ප්‍රදේශවල ව්‍යාප්ත වී පවතින අතර ග්‍රාමීය
ප්‍රදේශවල වෙසෙන ප්‍රජාව සඳහා අවධානය යොමු වන්නේ මද වශයෙනි. එබැවින් ප්‍රාද්ශීය
විෂමතාවලින් තොරව ප්‍රජා මූලික පුනරුත්ථාපනය කි‍්‍රයාවට නැංවිය යුතු ය.
ප්‍රජා මූලික පුනරුත්ථාපන වැඩපිළිවෙළක ලක්ෂණ පහත සඳහන්
ආකාරයට පෙළ ගැස්විය හැකිය.
- වැඩපිළිවෙළ සඳහා නායකත්වය තෝරාගැනීම
- වැඩපිළිවෙළ පිළිගැනීමට සහ එයට සහභාගී වීමට තෝරාගැනීම
- ගැටලූ හඳුනා ගැනීම හා ප්‍රමුඛත්වය තීරණය කිරීම
- පුහුණුව හා ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රජා මිනිස් බලය තෝරාගැනීම
- හැකිතරම් දුරට ප්‍රජාව තුළින්ම සම්පත් සොයාගැනීම සහ අවශ්‍ය වූ විට බාහිර සම්පත් සපයාගැනීම
- සාමාජිකයන්ට තොරතුරු සැපයීම, අවශ්‍යතා පිළිබඳ අවබෝධය වැඩි කිරීම හා ප්‍රජාව ක්‍රියාත්මක කිරීම
- වැඩපිළිවෙළ සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, ඇගයීම සහ පසුවිපරම
මීට අමතරව ශක්තිමත් පදනමකින් යුක්ත වීම,
මනාව සංවිධානය කිරීම,
පවතින යටිතල ව්‍යූහයන් සහ
සංවර්ධන ක්‍රියා පිළිවෙත් භාවිතය වැනි ලක්ෂණද සාර්ථක ප්‍රජා මූලික පුනරුත්ථාපන ව්‍යාපෘතියක
දක්නට ඇති බව සඳහන් කළ හැකිය.
ප්‍රජා මූලික පුනරුත්ථාපනයේදී ආයතනවල කාර්යයභාරය පහත
ආකාරයට සාරාංශ කළ හැකිය.
- යොමු කිරීමේ අවශ්‍යතාව සපුරාදීම
- උචිත මිනිස් බලය පුහුණු කිරීම
- පර්යේෂණ කිරීම
- පවුල් මත ඇති පීඩනය අවම කරගැනීමට සහ විශේෂ චිකිත්සාවන් ලබා දීමට ආයතන තුළ රැකබලා ගැනීම
- ජංගම උපදේශකවරුන් සැපයීම මඟින් ප්‍රජා මට්ටමට සහය ලබාදීම
මෙම කාර්යයභාරයන් නිවැරදිව සිදු කිරීමෙන් සමාජයේ අවාසි
සහගත තත්ත්වයන්ට මුහුණපාන කණ්ඩායම් හට සාර්ථක අයුරින් ප්‍රජා මූලික පුනරුත්ථාපනය
සිදු කළ හැකිවේ.
https://thanujasociology.blogspot.com/2019/05/blog-post_30.html
https://thanujasociology.blogspot.com/2019/05/blog-post_30.html
No comments:
Post a Comment